Friday, February 1, 2013

අන්තිම පන්දුවට හයක් ගසමින් සිංහ කෙල්ලෝ එංගලන්තය පරදවති




කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය යටතේ මුම්බායිහිදී අද පැවති තරඟයේදී ලෝක ශූර එංගලන්ත කාන්තා ක්‍රීකට් කණ්ඩායම පරදමින් එක් කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

Thursday, January 31, 2013

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් රූපවාහිනි විකාශන අයිතිය රුපියල් කෝටි 620කට විකිණේ ?




වසර 2020 දක්වා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම සහභාගිවන ජාත්‍යන්තර කි‍්‍රකට් තරග විකාශන අයිතිය රුපියල් ලක්ෂ 62000කට අලෙවි කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.
2013 වසරේ සිට මෙම විකාශන අයිතිය අලෙවි කිරීමට නියමිතව ඇති අතර අදාළ හිමිකම ටෙන්ඩර කැඳ වීමකින් තොරව අලෙවි කිරීමේ සැලසුමක් ඇතැයි මෙයට පෙර ජනමාධ්‍ය මගින් වාර්තා කර තිබිණ.

‘තෝ කාටද එහෙම කිවුවෙ’ ජෝෂප් මයිකල්ගෙන් ඇසූ දයාසිරිට වැඩ වරදී




එක්සත් ජාතික පක්ෂ උප නායක ජෝශප් මයිකල් පෙරේරා මහතාට බැණ වැදී පහරදීමට තැත්කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතාට එරෙහිව පරීක්‍ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ෂයේ නීති ලේකම් දයා පැල්පොල මහතාට නියෝග කර ඇත.

අධිකරණ නියමයෙන් සරසවිවලට වැඩිපුර සිසුන් 5,609 ක් ගැනීමේ ගැටලූවක්




ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය සැප්තැම්බර් මස 12 වැනිදා දෙන ලද නියෝගය අනුව 2011-12 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාලවලට වැඩිපුර සිසුන් 5609 දෙනකු බඳවා ගැනීම සම්බන්ධයෙන් ගැටලූවක් මතුවි ඇතැයි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම මෝසමක් ගොනු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

ළිං දෙකක ගෑස් සහතිකයි… සිවුවැනි ළිඳත් කැණීම් ඇරඹේ




මන්නාරම් ද්‍රෝණියේ සිවිවැනි ළිඳෙහි කැණීම් කටයුතු ලබන පෙබරවාරී මස ආරම්භ කිරීමට නියමිතව ඇත.
මන්නාරම් ද්‍රෝණියේ, මෙතෙක් කැණීම් කටයුතු ආරම්භ කර ඇති ළිං දෙකකම ස්වාභාවික ගෑස් ඇති බවට තහවුරු වී ඇති බවද එම කැණීම් කටයුතුවල නිරත කේන් ශී‍්‍ර ලංකා ආයතනය ප‍්‍රකාශ කරයි.
තෙල් කැණීම් ක්ෂේත‍්‍රයේ සියලූම පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ, කින්ස්වරි හෝටලයේදී පැවැත්වුණු විශේෂ වැඩමුළුවකදී මේ බව අනාවරණය විය.

ලොව හොඳම කෘතීම අත අචලාට


වෛද්‍යවරයකුගේ වරදින් අත ඉවත් කිරීමට කිදු වූයේ යැයි කියන කොළඹ නීති පීඨයේ සිව්වැනි වසරේ ඉගෙනුම ලබන අචලා පි‍්‍රයදර්ශනී සිසුවියට කෘතිම අතක් ලබාදීම සඳහා වැයවන සම්පූර්ණ මුදල රජයෙන් ගෙවීමට තීරණය කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේ දී පැවැති සාකච්ඡුාවකින් පසු මෙම තීරණයට එළැඹ තිබේ.

අරලගංවිල උල්කාෂ්මවල පිටසක්වළ ක්‍ෂුද්‍ර ජීවීන්මයි – නාසා සහතික කරයි


පොළොන්නරුව, අරලගංවිල ප‍්‍රදේශයට පතිත වූ ආකාශ වස්තුව අන් කිසිවක් නොව උල්කාෂ්මයන් බවත් එහි සිටින ක්‍ෂුද්‍ර ජීවීන් පිටසක්වලින් පැමිණියවුන් බවත් නාසා ආයතනයේ මහාචාර්ය රිචඞ් බී. හුවර් පැවසීය.
අරලගංවිල කුඩාවැව ප‍්‍රදේශයේ පිහිටි ටී.ටී. ටිකිරිබණ්ඩා ගොවි මහතාට අයත් එස්.සී. 86 කුඹුරු යායට පතිත වූ උල්කාෂ්ම නිරීක්ෂණය සඳහා මහාචාර්ය හුවර් සහ එංගලන්තයේ කාඩිෆ් සරසවියේ මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ ද ඊයේ සවස පැමිණ සිටියහ.