Thursday, January 31, 2013

අධිකරණ නියමයෙන් සරසවිවලට වැඩිපුර සිසුන් 5,609 ක් ගැනීමේ ගැටලූවක්




ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය සැප්තැම්බර් මස 12 වැනිදා දෙන ලද නියෝගය අනුව 2011-12 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාලවලට වැඩිපුර සිසුන් 5609 දෙනකු බඳවා ගැනීම සම්බන්ධයෙන් ගැටලූවක් මතුවි ඇතැයි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම මෝසමක් ගොනු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් ලබා දෙන තුරු විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු ප‍්‍රසිද්ධියට පත් කළ නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවද විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම වෙනුවෙන් මෙම මෝසම ගොනු කළ ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා අධිකරණයට දන්වා සිටියේ ය.
මෙම මෝසම සලකා බැලූ අගවිනිසුරු මොහාන් පීරිස්, කේ.ශී‍්‍ර. පවන් සහ පි‍්‍රයසාද් ඩෙප් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල මෙය හදිසි කටයුත්තක් ලෙස සලකා මෝසම පෙබරවාරි මස 6 වැනිදා කැඳවීමට තීරණය කළ අතර මෙම කාරණයට අදාළ අයිතිවාසිකම් පෙත්සම්වල පාර්ශ්වකරුවන්ටද ඒ බව දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීන්ට නියම කරන ලදි.

0 comments:

Post a Comment