Wednesday, January 30, 2013

අනවසරෙන් ආවොත් රැකවරණ නෑ



මුහුදු මගින් අනවසරෙන් තම රටට පැමිණෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට තම රජයක් යටතේ රැකවරණ ලබා නොදෙන බව ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු විපක්ෂ නියෝජ්‍ය නායිකා ජූලි බිෂොප් මහත්මිය පවසයි. 

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද (30) දහවල් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ අවස්ථාවට එක්වෙමින් ඇය මෙසේ සඳහන් කළාය. 

මෙම පාර්ලිමේන්තු කණ්ඩායම පසුගිය දින කිහිපය තුළ උතුරේ සංචාරය කළ අතර යුද්ධයෙන් පසු උතුරු හා නැගෙනහිර යන පළාත්වල අධ්‍යාපනික, සංචාරක,කෘෂිකාර්මික හා ජාතීන් අතර අන්‍යේන්‍ය සංහිඳියාව ඇති කිරීමට රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කෙරෙහි තම අවධානය යොමුව ඇති බව ඇය කියා සිටියාය. 

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල අධ්‍යාපනය නැංවීමට තම රට සහය ලබාදෙන බවත්, ජාතීන් අතර සහයෝගීතාව වර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විමසිල්ලෙන් පසුවන බවත් ඇය එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නාය. 

0 comments:

Post a Comment