Wednesday, January 30, 2013

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරෙයි

අ.පො.ස (උ/පෙ) 2012 ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අන්තර්ජාලයේ www.doents.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේවන විට එකී ප්‍රතිඵල දැක ගත හැකිය. 




එසේම ඔබගේ ජංගම දුරකථනයෙන් EXAMS යනුවෙන් type කර පරතරයක් තබා ඔබගේ විභාග අංකය යොදා 7777 ට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් විභාග ප්‍රතිඵලය දැනගත හැකිවෙනු ඇත. 

මෙවර විභාගයේ ‍විද්‍වෙ හා ගණිතිය යන අංශ දෙකෙහිම දිවයිනේ ප්‍රමුඛස්ථාන දිනා ගෙන ඇත්තේ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකි. 

ඒ අනුව එම විද්‍යාලයේ ගණිත අංශයේ ඉගෙනු ලැබූ රුසිරු ගම්භීර ආරච්චි හා විද්‍යා අංශයේ ඉගෙනුම ලැබූ රාජපක්ෂ සුබසිංහ පතිරණගේ කසුන් ලක්මාල් නමැති අය දිවයිනේ පළමු ස්ථානයට පත්ව තිබේ. 

තුන් ලක්ෂ හතලිස් අට දහසකට අධික පිරිසක් පසුගියවර උසස්පෙළ විභාගයට පෙනී සිටි අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් උසස්පෙළ උත්තර පත‍්‍ර ඇගයීම වර්ජනය කිරීම හේතුවෙන් මෙවර ප‍්‍රතිඵල නිකුත් කිරීම තරමක් ප‍්‍රමාදවිය. 

මෙවර ඉසෙඩ් අගයේ නිරවද්‍යතාව තහවුරු කිරීම සඳහා පියවර කිහිපයක් ගෙන ඇති බව විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම් පුෂ්පකුමාර මහතා මීට පෙරාතුව සඳහන් කර සිටියේය.. 

පත් කෙරුණු මහාචාර්යවරු තිදෙනෙක් මගින් ඉසෙඩ් අගය වෙනම ගණනය කෙරුණු බවත්,එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශය මගින් ද ඉසෙඩ් අගය වෙනම ගණනය කෙරුණු බවත් විභාග කොමසාරිස්වරයා පවසා තිබිණි. 

ඊට අමතරව තමා විසින් පත් කළ අභ්‍යන්තර කමිටුවක් මගින් ද ඉසෙඩ් අගය ගණනය කර නිරවද්‍යතාව තහවුරු කර ඇති බවත්, උසස් පෙළ පැරණි හා නව විශය නිර්දේශවලට අදාළ ඉසෙඩ් අගය වෙනම ගණනය කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පවසා තිබිණි.

0 comments:

Post a Comment