Friday, February 1, 2013

අන්තිම පන්දුවට හයක් ගසමින් සිංහ කෙල්ලෝ එංගලන්තය පරදවති




කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය යටතේ මුම්බායිහිදී අද පැවති තරඟයේදී ලෝක ශූර එංගලන්ත කාන්තා ක්‍රීකට් කණ්ඩායම පරදමින් එක් කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පනුද්වට පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 දී කඩුලු 8 ක් දැවී ලකුණු සංඛ්‍යාව 238 ක් ලබා ගත් අතර එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය අත්කර ගත්තේ අවසන් පන්දුවේදී දිලිනි මනෝදර එල්ලකල දැවැන්ත හයේ පහරකිනි.
එංගලන්ත කණ්ඩායමට එරෙහිව එක්දින තරගයකදී ශ්‍රී ලංකාව ජය ලබාගත් පළමු වතාව මෙයයි.

0 comments:

Post a Comment